මන්නාරම ‍රෝහලේ සංවර්ධනයට මිලියන 500ක් දෙනවා - ඇමති නලින්ද

Mannar Hospitals in Sri Lanka India Nalinda Jayatissa Sinhala news
By Mithu May 04, 2025 05:19 PM GMT
Mithu

Mithu

Report

මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙලක්ෂයකට ආසන්න ජනතාවට තෘතීයික සෞඛ්‍ය සත්කාර සේවා සපයන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ, අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාමය අවස්ථාවේ අදහස් දක්වමිණි.

නැවතත් වෙනස් වුණු බිත්තර කුකුල් මස් මිල

නැවතත් වෙනස් වුණු බිත්තර කුකුල් මස් මිල

උතුරු පළාත් සභාවේ ද එකඟත්වය සමගින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරාගෙන යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ රෝහල සංවර්ධනය කර මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බවත්, රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් රුපියල් මිලියන 500 ක මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළ අතර එම මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 250 ක් මෙම වර්ෂයේ දී ම ලබා දීමටත්, ඉතිරි මිලියන 250 ලබන වසරේ දී ලබා දීමටත් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවකයා දක්වා සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් හිගයක් රෝහල තුළ පවතින බවට රෝහල් පාලන අධිකාරිය විසින් තමන්ව දැනුවත් කිරීමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පුහුණු අවසන් කරන කාර්ය මණ්ඩලවලින්, නවක බඳවා ගැනීමට නියමිත කාර්ය මණ්ඩලවලින් සහ විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් යම් ප්‍රමාණයක් මෙම රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.

ඉන්දීය රජයේ මූල්‍යමය දායකත්වයෙන් රුපියල් මිලියන 600 ක වටිනාකමකින් යුතු ව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට යෝජිත ස්ථානය ද මෙහි දි අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ReeCha