නාවික හමුදාවෙන් දින 15ක දැවැන්ත මුහුදු මෙහෙයුමක් - ලංකාවේ මුහුදු සීමාවෙන් 27ක් කොටු වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය ජූනි 16 සිට 30 දක්වා දේශීය මුහුදු සීමාව ආවරණය කරමින් සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී නීති විරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම මෙහෙයුම්වලදී සැකකරුවන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 10ක් සහ කැනෝ යාත්‍රා 2ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධාන එක්ව ත්‍රිකුණාමලය සූඩයිකුඩා, ස්විට් වේ, යාපනය උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, වලෙයි සහ සිලාවතුර සාවාරිපුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය කරමින් මෙම වැටලීම් සිදුකර ඇත.
නාවික හමුදාව සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඔවුන් සන්තකයේ තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා වැඩිදුර නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුතූර්, යාපනය සහ මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත මෙන්ම මරුදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ය.