හිටපු ඇමති අනුර යාපා CIDයට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම දෙපාර්තමේන්තුව වෙත අද (10) පෙරවරුවේ පැමිණ ඇත.
එතුමා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ සිදු කෙරෙන විමර්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි .