වර්ජනයට නායකත්වය දුන්නැයි කියා වෛද්‍ය ප්‍රසාද්ව ළමා රෝහලට මාරු කරයි

Report

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයකට නායකත්වය දුන් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ළමා රෝහලකට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

මෙම මාරුවීම වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ සිදු කර ඇති අතර, එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු වන ඔහුට එරෙහිව ගත් තීරණයක් ලෙස සැලකේ.

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද

ඉස්සෙල්ලා බලන්න ඕනේ 'ටිප්ටොප් මනමාලයා' කොච්චර කාලයක් එළියේ ඉඳියිද කියලා - නලින්ද

ඉකුත් ජනවාරි 22 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කළේය. මෙම වැඩ වර්ජනයට හේතු වූයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඇතුළු වෛද්‍යවරුන් හතර දෙනෙකු වෙනත් රෝහල්වලට මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය බව සඳහන් වේ.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා 2013 සිට වසර 12කට ආසන්න කාලයක් ජාතික අක්ෂි රෝහලේ සේවය කරමින් අතිකාල ලබාගෙන ඇති බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

ළමා ලිංගික අපරාධ සහිත එප්ස්ටයින් ලිපිගොනු එලියට - ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ කුඩා දරුවන්ට මොකද වුණේ?

ළමා ලිංගික අපරාධ සහිත එප්ස්ටයින් ලිපිගොනු එලියට - ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ කුඩා දරුවන්ට මොකද වුණේ?

මේ අතර, කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 18 දෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත වෙනත් රෝහල්වලට මාරු කර යැවීම සිදුව ඇත. එසේම වෙනත් රෝහල්වල සිටි වෛද්‍යවරුන් අක්ෂි රෝහලට මාරු කර ඇති බව වැඩබලන අධ්‍යක්ෂවරයා පවසයි.

අක්ෂි රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 50 දෙනෙකු වෙනත් රෝහල්වලට මාරු කර යැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද, වෘත්තීය සමිතියක ඉල්ලීම් අනුව මාරුවීම් කිරීමට නෛතික පදනමක් නොමැති බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

එසේම අක්ෂි රෝහලට අනුයුක්ත කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 70ක් පමණ කලින් එහි සේවය කළ අය බවත්, වෛද්‍යවරුන් 18 දෙනෙකු එක් සතියක් තුළ මාරු වී ගියත් රෝහලේ කටයුතුවලට බලපෑමක් නොමැති බවත් වැඩබලන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

''නඩුවක් දාලා තියෙන්නේ, 27 වෙනකම් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ.'' - නියෝජ්‍ය ඇමතිගෙන් මාදැල් ධීවරයින්ට පිළිතුරු

''නඩුවක් දාලා තියෙන්නේ, 27 වෙනකම් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ.'' - නියෝජ්‍ය ඇමතිගෙන් මාදැල් ධීවරයින්ට පිළිතුරු