අමාත්‍ය ආනන්ද විජේපාලගේ සහ සුනිල් වටගලගේ ජීවිත අනතුරේ - බුද්ධි තොරතුරක් මත CID විමර්ශන
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි.
ඒ අද (25) දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.