ශානි අබේසේකර ලෙස හගවමින් ව්‍යාජ ඊමේල් යවලා, පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකරගේ බව ව්‍යාජ ලෙස පවසමින් ක්‍රියාත්මක වන වංචනික විද්‍යුත් තැපැල් ව්‍යාපාරයක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
මෙම ඊමේල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර හෝ අවසර දී නොමැති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
අධ්යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බව පොලීසිය පවසයි.
පොලිසියට සදහන් කළේ ලබන්නන් නොමඟ යැවීම, මූල්‍ය වංචා කිරීම හෝ නීති විරෝධී ලෙස පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ අරමුණින් noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන ලිපිනවලින් මෙම රැවටිලිකාර පණිවිඩ යවා තිබෙන බවයි.
තවද මේ සම්බන්ධව වගකිවයුත්තන් හඳුනා ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට CID විමර්ශන ආරම්භ කර තිබේ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවේශම් වන ලෙසයි.
ඒ වගේම ඉහත සඳහන් කළ ලිපිනවලින් ලැබෙන විද්‍යුත් තැපැල් පණිවිඩවලට ප්‍රතිචාර වශයෙන් පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙසත්ය.