ආයේ ආදාහනයට සල්ලි ගන්නවද? කොළඹ මහ නගර සභාවේ අලුත්ම තීරණය මෙන්න
මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කර තිබේ.
මේ අනුව කිසිදු දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල් දහදාහක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ.
මෙවර අයවැය යෝජනා මගින් ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබුණි .
මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් මේ බව සදහන් කර තිබේ.
තවද ඉස්ලාම් ආගමික දේහයන් භුමදානය කිරීම සඳහා අය කරන ලද රුපියල් හත් දහස් පන්සීයක ගාස්තුවද අහෝසි කර ඇත.
මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ දේහයන් ආදාහනය කිරීමේ අවස්ථාව උදාවෙනු ඇත.