සහල් පාලන මිලෙහි වෙනසක්.? - තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ජනපති අනුරගේ තීරණය දැනුම්දෙයි.
By Wayomi
සහල් පාලන මිලෙහි වෙනසක් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ, සහල් මෝල් හිමියන් සමඟ අද (22) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් විශේෂ නිවේදනයක්. - මෙහෙම ගුරුවරුත් ඉන්නවා හොදේ.
එමෙන්ම පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත්, ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ ප්‍රකාශ කළා.
මේ අතර සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද එහිදී සඳහන් කළා.