"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)

Report

ඊයේ (16) පස්වරුවේ දී වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව පැවැත්විණ.

ඒ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ය.

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..

වහාම ජනපති තීරණයක් අරන්.. පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවයි..


ඒ අනුව කොළඹ දී පැවති මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අය සහභාගී වී සිටියහ.

එම ජාතික සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම විශේෂත්වයක් විය.

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)


එහිදි මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළේ ය.

"රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වෙනියෝ කැබිනට් මණ්ඩලය. එක දෙක තුන පිරිසිදු වෙන්න ඕනේ. දුෂණය වංචාවෙන් තොර වෙන්න ඕනේ. මම කොහෙත්ම කැමති නෑ මේ පහුගිය 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවාට. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.."

පොලීසිය මහජන සහය පතයි.. දන්නවා නම් Call එකක් දෙන්න.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

පොලීසිය මහජන සහය පතයි.. දන්නවා නම් Call එකක් දෙන්න.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


එමෙන්ම, ඉදිරියේ දී බිහිවන ජනාධිපතිවරයෙකුට ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය මෙලෙස පිළිතුරු ලබාදුන්නේ ය.

රනිල් වික්‍රමසිංහ;

"යූඑන්පී සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වගේ හිටියා. මහවැලිය සාර්ථක වුණේ එතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයට බැඳුනොත් මේ අයට උඩට යන්න පුළුවන්. CEO කෙනෙක් සහ අපේ දේවල් ඊට වඩා වෙනස්. ස්ටීව් ජොබ්ස් අමෙරිකාවේ ජනාධිපති වෙන්න බෑනේ. ඒ නිසා ඒක දෙකක්. එහෙම කරපු එකම කෙනා ඩොනල්ඩ් ට්‍රම්ප්."

මෛත්‍රීපාල සිරිසේන;

"ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුත් ආවේ නෑනේ. ඡන්දෙට ඉදිරිපත් වුණේ නෑනේ. ආවනම් එපා කියනවා ද? අපි එපා කියන්නේ නෑ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේ දී ඔබතුමන්ලාගේ වරලත් ගනකාධිවරයෙක් මේ රටේ ජනාධිපති වේවා කියලා."

චන්ද්‍රිකා කුමාරතුංග;

"මේ රටේ හැමකෙනාටම දොරවල් විවෘත වෙන්න ඕනේ. උගත්, වැදගත් අයට දේශපාලනයට එන්න. මම දැන් වෙලාව වෙන්කරන්නේ දේශපාලන නෙමෙයි. අලුත් නායකයින්ව හදන්න."

වීඩියෝ දර්ශන - Ada Derana


.