ලංකාවම හිරිවැටෙන රුපියල් කෝටි දසදහසක පාඩුවක් ගැන චානක කට අරී - ඒක පියවන්නේ ලයිට් බිල 10%න් වැඩි කරලා

Report

බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන සියයක් නැතහොත් රුපියල් කෝටි දසදහසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී .චානක අද(20) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට සහභාගී වෙමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට එම ගිවිසුම අනුව ඕනෑ තරම් ප්‍රතිපාදන තිබුණත් එය අවලංගු නොකිරීම බරපතළ කාරණයක් බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූවේ,

ගල් අඟුරු නැව්ගත කිරීම් අටක් ප්‍රමිතියෙන් තොර? - සජිත් ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

ගල් අඟුරු නැව්ගත කිරීම් අටක් ප්‍රමිතියෙන් තොර? - සජිත් ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

"ගල් අඟුරු නෞකා දෙකක් නොපැමිණියහොත් මෙම ගිවිසුම අවලංගු වන බව එම ගිවිසුමෙහි සඳහන් වනවා. දෙසැම්බර් මාසයේ පැමිණියේ එක නැවයි. ජනවාරි මාසයේ පැමිණියේ නැව් හතරයි. පෙබරවාරි මාසයේ දැනට ඇවිල්ලා තියෙන්නේ නැව් හතරක් පමණයි. එතකොට මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ නැව් අටයි. හරි නම් නැව් පහළොවක් එන්න ඕන. ඒක නිසා මේ නැව් ප්‍රමාද වීමෙන් පමණක් රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුවෙලා තියෙනවා."

එහිදී ඔහු පැවසුවේ දැනට මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රුපියල් කෝටි හත්දාස් පන්සියයක පාඩුවක් සිදුවී ඇති බවත් එය රුපියල් කෝටි දස දහස දක්වා වැඩිවන බවත් ය.

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

එමෙන්ම පාඩු වු මෙම මුදලින් රටේ සෑම ගොවි මහතෙකුටම රුපියල් 40ක මුදලක් හැම වී කිලෝ එකකටම ලබාදීමට හැකියාව තිබූ බවත් සුහුරු පන්ති කාමර හතර බැගින් රටේ සෑම පාසලකටම ලබාදීමට හැකියාව තිබූ බවත් මුළු රටේම මාර්ග කිලෝමීටර් හත්දාස් පන්සීයක් කාපට් කිරීමට හැකියාව තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඊට අමතරව ඩී.වී. චානක මහතා සඳහන් කළේ මෙම බාල ගල් අඟුරු සිද්ධිය නිසා රටට සිදුවූ අලාභය රුපියල් කෝටි දස දහසක් බවත් එය පියවා ගැනීම සඳහා 10%කින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් ය.

එම 10% යනු හරියටම රුපියල් කෝටි දස දහස නිසා ආණ්ඩුවේ සූදානම ඉතා පැහැදිලි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි