රට හදන්න චමුදිත සජිත් එක්ක පාර්ලිමේන්තුවට ?
ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වී තිබුනා.
එලෙස හුවමාරු වූ තොරතුරු වල දක්වා තිබුනේ, ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වනු ඇති බවත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බවත්ය.
කෙසේ වෙතත් අදාල වාර්තා අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නිවේදනය කර තිබෙනවා.
