මාලිමාවේ ඇමතිලට හරියට වැරදෙනවා එක්කෙනෙක් 225ක් වැහුනලු අනිත් කෙනා පැනලා නොබෙල් කියන්න ගිහින් කෙළෝ ගත්තා - චාමර

Report

අද දින(10) පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මහතා විසින් තේ කර්මාන්තශාලා සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.

ඊට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ,

"කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ තේ කර්මාන්තශාලා දෙසිය විසිපහක් මේ වන විට වැසී ගොස් ඇති බව අපේ කාලය තුළ කිව්ව කියන එක  අසත්‍ය ප්‍රකාශයක්. එතුමා පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක නිවැරදි කළා ඔහු අතින් සිදු වුණ වැරැද්දක් කියලා. ඒ අනුව මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වශයෙන් වසා දමා ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව හයයි. ඒ කියන්නේ 2025 වසා දැමූ කර්මාන්තශාලා සංඛ්‍යාව හයයි. ඒ වගේම කියන්න සන්තෝසයි හයක් වැහෙන කොට පහුගිය කාලේ අපි වහල දාලා තිබුණු කර්මාන්තශාලා 16 විවෘත කළා. " යනුවෙන්.

ජිනීවාවල තියෙන සමුළුවට යන්නේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට නැතුව ට්‍රිප් නෙවෙයි විපක්ෂයට අමාරු ඇති - වසන්ත

ජිනීවාවල තියෙන සමුළුවට යන්නේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට නැතුව ට්‍රිප් නෙවෙයි විපක්ෂයට අමාරු ඇති - වසන්ත

එහිදී නැවත අදහස් දැක්වූ චාමර සම්පත් මන්ත්‍රීවරයා පැවසුවේ,

"මේ ප්‍රශ්නය අහන්න පළවෙනි හේතුව තමයි හිටපු සභාපති මාධ්‍ය නිවේදනයක් තියලා කිව්වා 225ක් අවුරුද්ද තුළ වැහුනා කියලා. අපි බැලුවා ඇවිල්ලා අවුරුද්දයි. එක පාරම 225ක් කොහොමද වැහුනේ කියලා ඒ නිසා තමයි ඇහුවේ. මේ සභාපති අපි පාර්ලිමේන්තුවේදී කිව්වට පස්සේ නැවත රෑ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක නිවැරදි කළා. ඊළඟ එක ඇමතිතුමා කිව්වා මොකද නොබෙල් තෑග්ගක්ද මොකක්ද හම්බුනා කියලා. ඕගොල්ලන්ගේ ඇමති කෙනෙක් කිව්වේ. මං හිතන්නේ අපි නෙමේ මේවා වරද්දන්නේ. සභාපති වැරැද්දවා එක අවුරුද්දේ තේ කර්මාන්තශාලා 225 ක් වැහුනා කියලා. ඒක නිවැරදි කළා. ඇමතිවරයා ගිහිල්ලා නොබෙල් තෑග්ග හම්බුනා කිව්වා. හිටපු කථානායකට නම් තාම ජපානෙන් ලිපිය හම්බෙලා නෑ. ඒක හොයනවා තාම හිටපු කථානායකතුමා. ඊළඟට ඇමති කෙනෙක් වරද්දලා කිව්වා තේ වලින් නොබෙල් තෑග්ගක් හම්බුනා කියලා. ඒ ඇමතිතුමා කර්මාන්ත ඇමති. මෙතුමා වැවිලි කර්මාන්ත ඇමති. එක්කෝ මේ ඇමතිට ඒක කියන්න දෙන්න ඕනේ මැදින් පැනලා ඒකත් කෙළවගත්තා." යනුවෙන්.

අපේ දක්ෂතා නිසා රටේ ජනතාව සතුටු වෙනවා ඒ නිසා 2029 දීත් අවුරුදු පහකට බලය දෙනවා - හර්ෂණ

අපේ දක්ෂතා නිසා රටේ ජනතාව සතුටු වෙනවා ඒ නිසා 2029 දීත් අවුරුදු පහකට බලය දෙනවා - හර්ෂණ

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්