නි.ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින් - චාමර

Report

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන් නිසා මානව හිමිකම් ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළා.

අඳාළ සිදුවීම බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක සිදුව ඇති බවත් එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රජය විසින් පාසල් සිසුන් හා ගුරුවරුන් සදහා ගෙන ඒමට සාකච්චා කළ පනත සම්බන්ධයෙන් දැඩිව විවේචනය ක‍රමින් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එම අවස්ථාවේදී එහි පවත්නා අඩු පාඩු සම්බන්ධයෙන් හා පනතේ ඇති දුර්වල නීති සම්පාදනය පිළිබඳවත් මෑත දින වලදී පාසල් සිසුන් හා සිදු වූ ඇතැම් සිදුවීම් හුවා දක්වමින් විවේචනය කළේ,

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

"ඔන්න රජයෙන් පාසල් සිසුන්ට පනතක් ගේන්න කතා කරා.පුදනකොටම කාපි යකා වගේ ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය දවසෙදිම මොනරාගල පාසල් දරුවෙක් ගුරුවරයෙක්ට ගහලා.මේ පනත ගේන්නත් කලින්.ජනාධිපතිතුමා එදා උත්සවේදි අස්ගිරි අනුනායක හාමුදුරුවෝ මුණ ගැහිලා කියනවා අපි ඕනෙනම් පනත නවත්තන්නම් කියලා.නවත්තනවනම් මොන මගුලටද මේක ගෙනල්ලා දවසක්ම පාර්ලිමේන්තුවෙ කතා කලේ කොච්චර වියදමක්ද?එහෙම පනත් ගේන්න එපා.එහෙම රිවස් කරන්න එපා.එහෙම රිවස් කරන්න හේතුව තමයි රජයට විශාල බලපෑම් ආව ගුරුවරුන්ගෙන් සහ රටේ ජනතාවගෙන්. පනත ආපු දවසෙම මොනරාගල සිසුවෙක් ගුරුවරයෙක්ට ගැහුවා.ළමයි කසිප්පු වගයක් බිව්වා.ඒ වගේම බදුල්ල මහා විද්‍යාලයේ මේ ඉන්න කැබිනට් ඇමතිතුමාගෙ පුතා ඊ - සිගරට් බීල අහු වුණා.යාලුවෝ ටිකක් එකතු කරන් ඊ - සිගරට් බීලා. ඊලග එක. නියෝජ්‍ය ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින්. මේකයි අද තත්ත්වෙ මෙහෙම තියෙද්දි ඔයාලගෙ ළමයි හදාගන්න බැරුව මේ පනත් ගෙනල්ලා කොහොමද කරන්නේ?" ‍යනුවෙන්.

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්