මාලිමා අපේක්ෂකයාගේ ලේලි ජපන් යවනවා කියලා මිනිස්සු රවට්ටලා මඟුලට අත්සන් කරේ අනුර කුමාර - චාමර පාර්ලිමේන්තුව දෙවනක් කරයි
බොහෝ පුද්ගලයන් පිරිසක් ජපන් රටට යවනවා යැයි වංචා සහගත ලෙස රවට්ටා මුදල් ගසා කෑ තරුණියක් පිළිබඳව වාර්තාවේ.
සඳහන් වෙන ආකාරයට ඇය මාලිමා අපේක්ෂකයකුගේ ලේලි බව සඳහන් වේ.ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ චාමර සම්පත් අමාත්‍යවරයා අවේගශීලීව ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයක්.
"දැන් අපිනේ මංකොල්ලකාරයෝ කියන්නේ දැන් අපිනේ දූෂිතයෝ කියන්නේ මේ තියෙන්නේ ජාතික ජන බලවේගයේ ඡන්ද ඉල්ලපු ලීලාරත්න නාරදගේ ගැන තලංගම කොට්ඨාශයෙන් ඔහු ඡන්ද ඉල්ලුවා.
ඔහුගේ ලේලි පවත්වාගෙන යනවා ජපන් යවනවා කියලා මධ්‍යස්ථානයක්.සුධර්මිකා බිලෝනි නමැති මේ තැනැත්තිය ජපන් යනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි අරන්.
මේ සුධර්මිකා නැමැති තැනැත්තියගේ විවාහයට අත්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා.දැන් මේ වෙද්දි පොලිසියේ පැමිණිලි ගානක් දාලා තියෙනවා.ඔයගොල්ලෝ අපිට කියනවා හොරු කියලා."
යනුවෙන් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අනිත් දූෂණ වංචා පිළිබඳ සොයනවා නම්, මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසයි.