ලංවිම සේවකයින් ‍රැසක් විශාල අර්බුදයක - බලශක්ති ඇමතිටත් ලිපියක්

By Kaushi Dec 23, 2025 04:15 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පවසයි.

එම ලිපිය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන් කර ඇත්තේ 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් වශයෙන් ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවයි.

එහෙත් එම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරිස මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවද පවසයි.

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

එබැවින් ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් නොවීම හා එම දිනය දිනෙන් දින ප්‍රමාද වීම මෙන්ම යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා නිසා එම කටයුත්ත තවත් ප්‍රමාදයට පත්ව ඇති බවත් පවසන එම සේවක පිරිස මේ හේතුවෙන් සිය අනාගත සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ලංවිම ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිසට සිය විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් කරන මෙන් දන්වමින් ස්වේච්ඡා විශ්‍රාම වැටුම් ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සිය ලිපියෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

සාමාන්‍ය පෙළ සිසුන්ට පෙරහුරු විභාගයක්

සාමාන්‍ය පෙළ සිසුන්ට පෙරහුරු විභාගයක්