යුධ උණුසුම මැද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම සුබ පණිවුඩයක්
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ප්‍රකාශ කරයි.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව මේ බව සඳහන් වේ.
ඉකුත් 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් වශයෙන් වාර්තා වී තිබුණු අතර එම කාලයට සාපේක්ෂව 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම මහ බැංකුව සඳහන් කරන්නේ 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.48ක් බවයි.
මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32ක වැඩිවීමක් බව ද අඳාළ වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?