ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි.
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය හේතුවෙන් ඔහු මෙසේ ධුරය හැර යාමට හේතුව ලෙස දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් යෝජනා සකස් කර අවසන්.
අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය මත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.