අද හවස දිස්ත්‍රික්ක 4කට අවදානම් - කාලගුණයෙන් නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්  නිකුත් කර තිබේ.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්  කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ මෙම නිවේදනය නිකුත් කර ඇත.

අද (15) මධ්‍යහ්න 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

අකුරේගොඩ ඝාතනය ගැන මාලිමාවේ නීතිඥවරුන්ගෙනුත් නිවේදනයක්

අකුරේගොඩ ඝාතනය ගැන මාලිමාවේ නීතිඥවරුන්ගෙනුත් නිවේදනයක්

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද ඇති වේ. අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින්

කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින්