අනිද්දා ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි
බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමට අනිද්දා (24) සිට මගීන්ට අවස්ථාව හිමි වේ.
ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල ලෙස ආරම්භ කිරීමට නියමිතව ඇත.
එසේම මෙය මුදල් රහිත (cashless) පොදු ප්‍රවාහන පද්ධතියක් කරා යන ප්‍රධාන පියවරක් වශයෙන් සනිටුහන් වේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අනුව, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග 20ක් පමණ ආවරණය කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
එයට ප්‍රධාන අන්තර් පළාත් මාර්ග තුනක් ද ඇතුළත් වේ. එබැවින් ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමන් කරන මගීන් මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය අත්විඳින පළමු පිරිස අතරට එක් වේ.
එසේම මෙම වැඩසටහනට ප්‍රමුඛතම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පහක් දැනටමත් සහයෝගය පළ කර ඇත.
අඳාළ පියවර තුළින් මගීන්ට ඉතිරි මුදල් ආපසු ලබා දීමේ (retuing balance) ගැටළු ඉවත් වේ.
ඊට අමතරව නිලධාරීන් සඳහන් කරන්නේ මෙමඟින් බස් රථ හිමියන් සඳහා නිවැරදි ආදායම් වාර්තාකරණයක් (accurate revenue tracking) සහතික කිරීමට හැකිවන බවයි.