කොළඹ කොටස් වෙළෙඳපොළ යළි ඉහළට - ආයෝජකයන්ට සුබ පණිවිඩයක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක සඳුදා (14) උදෑසන ගනුදෙනු අතරතුර යළිත් සුළු වර්ධනයක් පෙන්නුම් කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත අනුව වාර්තා වනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 3.72කින් ඉහළ ගොස් ඒකක 21,379.02ක් ලෙස සටහන් වුණා. එය සියයට 0.02ක සුළු ඉහළ යාමක්. එමෙන්ම වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකයද ඒකක 3.03කින් හෙවත් සියයට 0.05කින් ඉහළ ගොස් ඒකක 6,005.49ක් ලෙස සටහන් වුණා.
ASPI දර්ශකය ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ RIL ප්‍රොපර්ටි සමාගම කැපී පෙනුණා. කොමර්ෂල් බැංකුවේ කොටසක මිල සියයට 0.61කින් ඉහළ ගොස් රුපියල් 205.75ක් වූ අතර, හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 0.46කින් ඉහළ ගොස් රුපියල් 382.75ක් වුණා. RIL ප්‍රොපර්ටි කොටසක මිල සියයට 1.66කින් ඉහළ ගොස් රුපියල් 24.50ක් ලෙස සටහන් වුණා. කෙසේ වෙතත්, LOLC Holdings, Hayleys සහ Dialog Axiata සමාගම්වල කොටස් මිල පහත වැටීම ASPI දර්ශකයට සෘණාත්මක බලපෑමක් එල්ල කළා.
LOLC Holdings කොටසක මිල සියයට 1.23කින් පහළ ගොස් රුපියල් 460ක් වූ අතර, Hayleys කොටසක මිල සියයට 0.44කින් පහළ ගොස් රුපියල් 228.25ක් වුණා. Dialog Axiata කොටසක මිලද සියයට 0.21කින් පහළ ගොස් රුපියල් 47.80ක් ලෙස සටහන් වුණා.
මේ අතර, උදෑසන වන විට වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 42.1ක් ලෙස සටහන් වී තිබෙනවා. එහිදී ප්‍රාග්ධන භාණ්ඩ (Capital Goods) අංශය රුපියල් මිලියන 15.38ක පිරිවැටුමක් වාර්තා කරමින් වැඩිම දායකත්වය ලබාදී තිබුණා.