සුරේෂ් සලේ බෙල්ල මුලටම හිර වේ - කාදිනල් හිමි ඔහුට එරෙහිව තවත් ක්‍රියාමාර්ගයක් ගනියි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහිව කොළඹ අගරදගුරු, කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම අතරමැදි පෙත්සම මඟින් කාදිනල් හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට තමන් වහන්සේට අවසර ලබා දෙන ලෙසත්, එමඟින් ඔහු ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසත්ය.
විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමේ අරමුණින් මෙම මැදිහත් වීම සිදු කර ඇති බව ද පෙනී යයි.