ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් - දෙදෙනෙක් රෝහලේ

Report

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇත අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

  අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාව විසින් අදාළ මෝටර් රථය ධාවනය කර ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලීසිය සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි .