මැතිවරණ නීති කඩකළ අපේක්‍ෂකයන්ට වැඩ වරදී..
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව මෙම අපේක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 131ක් සහ වාහන 31ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 313ක් ද, අපරාධමය පැමිණිලි 85ක් ද එම කාලය තුළ ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.