ටිල්වින්ගේ ප්‍රකාශයට දැවැන්ත විරෝධයක් - ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවට නිවේදනයක්

Report

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් කොටසක් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි සඳහා වෙන් කිරීමට සිදු වූ බැවින් මේ වසරේ මැතිවරණය පැවැත්විය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉකුත් දා කළ ප්‍රකාශය හෙළා දකිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම, පවතින රජය බලයට පත්වීම සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දුවක් බවත් ජනතාවාදී ආණ්ඩුවක් යනුවෙන් කියමින් ජනතාව ඉදිරියේ දුන් පොරොන්දුවක් වෙනස් කිරීම සුදුසු නොවන බවත් ය.

දේශපාලනයේ හදිසි පෙරළියක්..සජිත්ව අගමැති කරන්න සාකච්ඡා

දේශපාලනයේ හදිසි පෙරළියක්..සජිත්ව අගමැති කරන්න සාකච්ඡා

එසේම ඉකුත් 2023 වසරේදී රනිල් වික්‍රමසිංහ පාලනය මඟින් පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේ එවක විපක්ෂයේ සිටි වර්තමාන රජයේ නියෝජිතයින් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව සඳහන් කරමින් ඊට දැඩි විරෝධයක් එල්ල කළ බව සිහිපත් කරන කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව සිදුකරන්නේද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවයි.

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සිදු කළ දුරකථන ඇමතුම් වල ඇත්ත නැත්ත ගැන මන්ත්‍රී මුජිබුර් කට අරියි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සිදු කළ දුරකථන ඇමතුම් වල ඇත්ත නැත්ත ගැන මන්ත්‍රී මුජිබුර් කට අරියි