අස්වැසුම සුබ සාධක ගෙවීම් ක්‍රමය සංශෝධනයට කැබිනට් අනුමැතිය.- එය සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

By Wayomi Dec 03, 2024 09:55 AM GMT
Report

අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇත.

ඒ, අනුව මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 4 ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වෙනවා.

මෙහිදී ආර්ථීක අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ වලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත් වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇතැයි රජය පවසනවා.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්. - ( නිවේදනය )

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්. - ( නිවේදනය )

එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම.

* සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-03-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.

* අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-12-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.

ගුරු සේවයට සංවර්ධන නිලධාරීන්ගේ ඇතුළත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්.

ගුරු සේවයට සංවර්ධන නිලධාරීන්ගේ ඇතුළත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්.

ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.

ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.



You may like this video