නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

Report

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54කට ස්ථාන මාරුවීම් සිදුකරනු ලැබූ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ සහ වැඩබලන පොලිස් අධිකාරීවරයෙක් ඇතුලත්.

නමුත් මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරු හත් දෙනෙකු සඳහාද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලි මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

බෝංචි මිලෙහි විශාල වෙනසක්. - කිලෝවක ගාන කීයද කියලා දන්නවද?

බෝංචි මිලෙහි විශාල වෙනසක්. - කිලෝවක ගාන කීයද කියලා දන්නවද?

ඒ අතර, ප්‍රධාන වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල පත් කර තිබෙනවා.

ඇය මින් පෙර එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී සිදුකළ අතර, මින්පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය එම තනතුරින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස පත් කර තිබෙනවා.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. මනතුංග පත්කර තිබෙනවා.

You may like this video