බිහිසුණු ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහලට [UPDATE]
ඊයේ රාත්‍රියේ(4) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදී තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
-------------------------------------------------------------------------------------------------------------
ඇල්ල වැල්ලවාය බස් අනතුරින් දෙදෙනෙක් මියයයි - තුවාල ලැබුවන් ගණන ඉහලට----- @05.00 A.M.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
----------------------------------------------------------------------------------------------------------
ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි----- @11.30 P.M.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා මාර්ගය කිලෝමීටර 24 කනුව ආසන්නයේ ගමන් කල බස් රියක් ප්‍රපාතයකට පෙරළෙයි.
විනෝද චාරිකාවක් සඳහා ඇල්ල බලා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථය පෙරළී මීටර 500ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.
එහිදී තුවාල ලැබූවන් ජනතාව විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරයි