පාර්ලිමේන්තුවේ නුසුදුසු භාෂා භාවිතා ගැන විමර්ශනයක්

Report

ඊයේ (10) පාර්ලිමේන්තු සැසියේදී ඇතැම් මන්ත්‍රීවරුන් විසින් භාවිතා කළ නුසුදුසු, අශ්ලීල භාෂාව සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද(11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

“එම වචන දැනටමත් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර ඇත. නමුත් මහජන මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවේ භාවිතා කරන භාෂාව ගැන ජනතාවට ලැජ්ජාවක් ඇති කරවීම සම්පූර්ණයෙන්ම වැරදියි. මම මහලේකම් කාර්යාලයට මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කඩිනම් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්නා”

යයි කථානායකවරයා පැවසීය. 

මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කථානායකවරයා අවධාරණය කළේ,

“පාර්ලිමේන්තු විරෝධී භාෂාව භාවිතා කළ මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග 82.1 යටතේ සමාව ගත යුතුයි. එසේ නොකළහොත් ඒ ගැනත් නීතිමය පියවර ගන්නට සිදුවේවි.”

පාර්ලිමේන්තුවේ ගරුත්වය හා ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි ක්‍රියාවන්ට ඉදිරියේදීත් දැඩි විනයානුශාසන ක්‍රියාමාර්ග ගන්නා බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අවසානයේ අවධාරණය කළේය.