හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්

Report

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුවී ඇති බවට වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අගමැති හරිනි සහ මෝදි එකට හමුවේ

අගමැති හරිනි සහ මෝදි එකට හමුවේ

අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවල තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සදහන් වේ.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයන්ගේ පැමිණීම තහවුරුයි

LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයන්ගේ පැමිණීම තහවුරුයි

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

හිතන්නෙවත් නැති ගරු නම්බු නාම ලැබෙන අතේ මිටේ සල්ලි උතුරන ලග්න රැසකට සුභ අද දවස

හිතන්නෙවත් නැති ගරු නම්බු නාම ලැබෙන අතේ මිටේ සල්ලි උතුරන ලග්න රැසකට සුභ අද දවස