LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයන්ගේ පැමිණීම තහවුරුයි

Report

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගිවන බව LPL තරග සංවිධායකයින් පවසයි.

ලොව පුරා වෘත්තිමය ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රියාත්මක වූවත් IPL තරගාවලිය හැරුණු කොටගෙන වෙනත් කිසිඳු ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට විදෙස් ලීග් තරගාවලියක් නියෝජනය කිරීම සඳහා LPL තරගාවලිය හරහා අවස්ථාව හිමිවනු ඇති.

වකුගඩු කට්ටෙන් ගහපු ගැහිල්ල මාට්ටු

වකුගඩු කට්ටෙන් ගහපු ගැහිල්ල මාට්ටු

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස පළමු වැනිදා ආරම්භවීමට නියමිතයි. තරග 24කින් සමන්විත මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස,පල්ලෙකැලේ සහ දඹුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL තරග සංවිධායකයින් විසින් ප්‍රකාශ කරන බවට සඳහන්.

හිතන්නෙවත් නැති ගරු නම්බු නාම ලැබෙන අතේ මිටේ සල්ලි උතුරන ලග්න රැසකට සුභ අද දවස

හිතන්නෙවත් නැති ගරු නම්බු නාම ලැබෙන අතේ මිටේ සල්ලි උතුරන ලග්න රැසකට සුභ අද දවස