අල්ලස් කොමිසමෙන් මර්වින් සිල්වාට අධිචෝදනා

Report

හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වූ මර්වින් සිල්වා මහතාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ දී අල්ලස් කොමිසම මඟින් අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ අල්ලස් පනත යටතේ තම නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම ඔස්සේ වරදක් කළේ යැයි චෝදනා කරමින්.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

මේ සම්බන්ධයෙන් 2010 වර්ෂයේ මාර්තු මස 31 වන දින සහ 2012 වර්ෂයේ මාර්තු මස 31 වන දින අතර කාලසීමාවේ විත්තිකාර හිටපු අමාත්‍යවරයා අඳාළ වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම සඳහන් කරයි.

එසේම කොමිසමෙන් ඉදිරිපත් කළ චෝදනාවල හිටපු අමාත්‍යවරයා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති බව දැක්වේ.

තවද ඔහු කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීමට ද හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වැයකර තිබෙන බවද සඳහන්.

එමෙන්ම මෙහි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තම පුත් මාලක සිල්වා සඳහා mercedes benz රථයක් මිලදී ගැනීමට තුන්කෝටි 23 ලක්ෂ 75000 ක මුදලක් වැය කර ඇති බවත් සඳහන්.

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

කොකටත් මීටරේ දුර තියා ගන්න...නව කොවිඩ් අවදානම ගැන අනතුරු ඇඟවීමක්

ඊට අමතරව හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 55 කට අධික මුදලකුත්, ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීමට අසූ අට ලක්ෂ පනස්දහසක මුදලකුත් වැය කිරීම ඇතුළු තම නීත්‍යානුකූල ආදායම අභිබවා ගොස් දේපළ අත්පත් කර ගැනීම නිසා අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි අල්ලස් කොමිසම මඟින් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කරමින් මෙසේ මෙම නඩුව ගොනුකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මේ නඩුව ඔස්සේ චෝදනා දෙකක් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව එල්ල කර තිබෙනවා.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය