දුක් විය යුතුද සතුටු විය යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වූ වසර 56කට පසු පැමිණි ආරංචිය ..

By Piyumika Oct 14, 2024 04:41 AM GMT
Report

ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී 1968දී සිදුවූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ එරට යුද හමුදාවේ සෙබළකුගේ මළ සිරුරක් වසර 56කුත්, මාස 8කට පසු සොයා ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අහංගම මහළු යුවළගේ ඝාතනයට සම්බන්ද අයෙක් ගාල්ලෙ සැගවසිටියදී අත්තඩංගුවට..

අහංගම මහළු යුවළගේ ඝාතනයට සම්බන්ද අයෙක් ගාල්ලෙ සැගවසිටියදී අත්තඩංගුවට..

චෙරියන් තෝමස් නමැති මේ යුද හමුදා සෙබළා සමඟ එම ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයන් 102 දෙනකුට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ගුවන් අනතුරින් ජීවිත අහිමි වූ අතර, වසර ගණනාවක් යනතුරු එම ගුවන් යානයේ සුන්බුන් පවා සොයා ගත නොහැකි වී තිබිණි.

අවුරුදු තුනහමාරක සිගිත්තෙක්ට හා අවුරුදු 17 ක තරුණයෙකුට දිවි අහිමි කල මාරකය..

අවුරුදු තුනහමාරක සිගිත්තෙක්ට හා අවුරුදු 17 ක තරුණයෙකුට දිවි අහිමි කල මාරකය..

මේ විස්මිත පුවත හෙළි වී ඇත්තේ ගුවන් අනතුරින් අතුරුදන් වූ තම වැඩිමල් සොහොයුරාගේ මළ සිරුර සොයාගෙන ඇති බවට පසුගියදා කේරළ ප්‍රාන්තයේ පටානම්තිටා දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක සිට චෙරියන් තෝමස්ගේ බාල සොහොයුරු තෝමස්ට දුරකතන ඇමතුමක් ලැබීමත් සමඟය.

පිටු දකින්න ඕනේ කියලා කෑගැහුව දේශපාලන සංස්කෘතිය කෝ දැන්..ඒකම නෙවෙයිද මේ කරගෙන යන්නේ.. ජන අරගල සන්ධානයෙන් රජයට චෝදනා..

පිටු දකින්න ඕනේ කියලා කෑගැහුව දේශපාලන සංස්කෘතිය කෝ දැන්..ඒකම නෙවෙයිද මේ කරගෙන යන්නේ.. ජන අරගල සන්ධානයෙන් රජයට චෝදනා..

ගුවන් අනතුර සිදුවන විට 22 හැවිරිදි වියෙහි පසුවූ චෙරියන් තෝමස්ගේ මළ සිරුර අඩසිය වසකටත් පසුව හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික හිම සහිත ඩකා ග්ලැසියරය ආසන්නයෙන් වීමත්, එය මුහුදු මට්ටමේ සිට අඩි 16,000ක් ඉහළින් පිහිටා තිබීමත් හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.