අහංගම මහළු යුවළගේ ඝාතනයට සම්බන්ද අයෙක් ගාල්ලෙ සැගවසිටියදී අත්තඩංගුවට..

By Piyumika Oct 14, 2024 02:56 AM GMT
Report

 අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මහළු යුවළක් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

අපරාධය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරු ඊයේ (13) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල, ගංගාරාම මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබාදුන් අයෙක් බවයි හෙළිව ඇත්තේ.

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

අත්අඩංගුවට පත් සැකකරු ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක අයෙක් බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

පසුගිය 04 වනදා උදෑසන කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 67ක පුද්ගලයෙක් සහ 63 හැවිරිදි කාන්තාවක්.