පිටු දකින්න ඕනේ කියලා කෑගැහුව දේශපාලන සංස්කෘතිය කෝ දැන්..ඒකම නෙවෙයිද මේ කරගෙන යන්නේ.. ජන අරගල සන්ධානයෙන් රජයට චෝදනා..

By Piyumika Oct 14, 2024 04:03 AM GMT
Report

බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසනවා.

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා ඇල්ලූ මෙහෙයුම..

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා ඇල්ලූ මෙහෙයුම..

එමෙන්ම, ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට නව රජය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජන අරගල සන්ධානය කරුණු පැහැදිලි කළා.

එහිදී අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ අපේක්ෂණ නීතිඥ නුවන් බෝපගේ මෙසේ පවසා තිබෙනවා.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට ආපු අය කපු කතට ශාන්ති කර්මයක් සිදුකර ගිහින් ..

"දැන් බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස විශ්‍රාම ගිය ශානි අබේසේකර දැන් පත් කරලා තියෙනවා. එතකොට ඒ කෙනා හොඳ තැනැත්තෙක් ද? කොහොමද?ඔහුගේ පෙර කල්ක්‍රියාව කියන කාරණය වෙනස්ම කාරණයක්.

නමුත් දේශපාලන සංස්කෘතිය කියන කාරණයේදී නැවත බරපතල ප්‍රශ්නයක් මතු කරමින් තිබෙනවා. එකක් තමයි ඒ මහත්මයා පසුගිය කාලය තුළ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ වේදිකාවල හිටපු ඒ වෙනුවෙන් පොලිස් සහ හමුදා සාමූහිකව ඉඳිමින් ප්‍රචාරණ කටයුතු කරපු කෙනෙක්.ඉතින් ඒ කෙනා විශ්‍රාම ගිය නිලධාරියෙක්. ඒ නිලධාරියාව පත්කරනු ලබනවා නව ආණ්ඩුව විසින් නැවත අධ්‍යක්ෂකවරයෙක් විදිහට. එතකොට මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයිද පිටු දකින්න ඕනේ කියලා පහුගිය මැතිවරණ වලදී ඔවුන්ව ප්‍රකාශයට පත් කළේ. නැවත වතාවක් වෙනත් ආණ්ඩුවක් ඇවිල්ලා දේශබන්දු තෙන්නකෝන්ව නැවත රාජකාරි වල පිහිටවලා ඔහුට අධ්‍යක්ෂ ධුරයක් දුන්නොත් ඒක නිවැරදිද?එතකොට මේක ඇතුලේ තියෙන දේශපාලන සංස්කෘතිය තමයි තමුන්ට සහය දක්වපු නිලධාරීන්ට තනතුරු ලබාදීම.

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

ඊළඟට කලින් යහපාලනය බලයට පත් වුණු ගමන්ම කඩිමුඩියේ සංදර්ශන රැසක් කරා. නැවත පරීක්ෂණ ආරම්භ කරනවා කිව්වා. විවිධ ආකාරයෙන් තැනැත්තන් අත්අඩංගුවට ගන්නවා කිව්වා. බැසිල් රාජපක්ෂලාව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට දඬුවම් කරනවා කිව්වා.

නාමල් රාජපක්ෂට දඬුවම් කරනවා කිව්වා. ඒ සියල්ල කළේ මැතිවරණ කාලේ ප්‍රචාරණ කටයුත්තක් විදිහට. එහෙම කරලා මැතිවරණයෙන් පස්සේ ඒක බිමේ යථාර්ථයක් බවට ක්‍රියාත්මක වුණේ නැහැ.දැන් මේ මැතිවරණය ආසන්නයේදී අපි දන්නවා ප්‍රකාශයක් කරලා තියෙනවා ආරක්ෂක ඇමතිවරයා පොලිසියට දැනුම් දුන්නා කියලා කාරණා හතක් සම්බන්ධයෙන්. නැවත පරීක්ෂණ ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපි දැක්කොත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියෙනවා. එතකොට මේවා ක්‍රියාත්මක කිරීම තමයි තියෙන්නේ. මේ පරීක්ෂණ නැවත ආරම්භ වෙලා නැවත කල්ගත වෙලා මේ මැතිවරණ උණුසුම් ඔක්කොම ගියාට පස්සේ මේ සියල්ල යට යන දේශපාලන සංස්කෘතියක් තමයි කලින් තිබ්බේ.''