කාලගුණය වෙනස් වෙයි - මුහුදු ගිය යාත්‍රාවකුත් පෙරලෙයි..!
By Sewvandhi
දිවයිනේ සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේදී මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, ගාල්ල - හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි අතර එම අවස්ථාවලදී මීටර් 2.5 ත් 3 ත් අතර උස් මුහුදු රළ ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
මේ අතර, පවතින සුළං සහ මුහුදු රළ හේතුවෙන් වත්තල - ඇළකන්ද ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් අද අලුයම 5 ට පමණ දික්ඕවිට මුහුදු තීරයේදී පෙරලී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |