බිමල්ගේ නෝනා ඔක්කොටම කළින් මොන්ටිසෝරිවල බලය අල්ලන්න ලෑස්තියක්
පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ්රීනාත් මහතා විසින් බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකය කිසි දිනක ඉතිහාසයේ මෙතරම් දේශපාලනීකරණය වී නොමැති බව ප්රකාශ කරයි.
ඒ අනුව ඔහු කියා සිටියේ වර්තමාන අධ්යක්ෂකවරිය පුටුවේ වාඩි කරවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරියක් බවයි.
සභාපතිවරයා චෝදනා කරන ආකාරයට ඒ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ නෝනා වන පාර්ලිමේන්තු මන්ත්රීනි සමන්මලී ගුණසිංහයි.
එසේම අසංක ශ්රීනාත් චෝදනා කර සිටියේ ඇය මහරගමට, කොළඹට හෝ හෝමාගමට පැමිණ පෙර පාසල් ගුරුවරුන්ට දේශන පවත්වමින් මේ වන විට බස්නාහිර පළාත් වැඩසටහන් අධ්යක්ෂක වශයෙන් කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අද ආණ්ඩුව කරනු ලබන්නේ ජනතාව ඉල්ලූ දේවල් නොව, ඉල්ලා නැති දේවල් බවයි.