බාලවයස්කාරයා පැදවූ යතුරුපැදිය ජීවිතයට මරු කැඳවයි - අයෙක් රෝහලේ

By Gagana News Mar 02, 2025 04:50 PM GMT
Report

ළමුන් තිදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් අයෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු සියළු දෙනා තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මහනුවර, උඩතලවින්න මාර්ගයේ වත්තේගෙදර ප්‍රදේශයේදී අද(02) පෙරවරුවේ මේ අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

16 හැවිරිදි ළමුන් තිදෙනා ගමන්ගත් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව සඳහන් වන අතර මෙසේ මියගොස් ඇත්තේ උඩතලවින්න, වත්තේගෙදර පදිංචි එම්.එස්.රස්කාන් නමැති අයෙකි.

ඔහුගේ දේහය කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ළමුන් තිදෙනා සමඟ වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයේ වම්පස බැම්මක වැදී පෙරළී ගොස් ඇත.

පසුව දකුණු පස කාණුවක් අසල නැවතී ඇති අතර මහමඟ තැන තැන වැටී සිටි ළමුන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් එක්ව කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රෝහලට ඇතුළත් කරන විටත් එක් අයෙක් මියගොස් සිටි බවත් බරපතළ තත්ත්වයේ පසුවූ එම්.ඒ.අබ්දුල්ලා නමැති දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් කරයි.

වත්තේගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.  

පාතාලයේ දුරකතන ජාලය බිඳින වැඩක් – දකුණට, බස්නාහිරට

පාතාලයේ දුරකතන ජාලය බිඳින වැඩක් – දකුණට, බස්නාහිරට

පිළිස්සී මිය ගිය කාන්තා මළ සිරුරක් නිවසකින් හමුවේ

පිළිස්සී මිය ගිය කාන්තා මළ සිරුරක් නිවසකින් හමුවේ