පිළිස්සී මිය ගිය කාන්තා මළ සිරුරක් නිවසකින් හමුවේ
By Gagana News
කොස්වත්ත පොලිස් වසමේ මැ/කොමුල්ල ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේ නිවසක් ගිනි ගෙන කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි කාන්තාවක් වන අතර මරණකාරිය තම මිනිබිරිය සමඟ නිවසේ පදිංචිව සිට ඇත. සිද්ධිය වන අවස්ථාවේදී මිනිබිරිය උපකාරක පන්තියකට සහභාගි වීමට නිවසින් බැහැරව ගොස් සිට ඇත.
මියගිය තැනැත්තිය කලක සිට රෝගාතුරව එක්තැන් වී සිටි තැනැත්තියක වන අතර නිවසේ දල්වා තිබූ කුප්පි ලාම්පුවක් පෙරළී ගොස් නිවසට ගිනි ඇවිළී මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.