එංගලන්ත පිතිකරු බෙන් ඩක්ටඩ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බෙන් ඩක්ටඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් ඉවත් වී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තම ජාතික කණ්ඩායම වන එංගලන්තයට ක්‍රීඩා කිරීමට ප්‍රමුඛත්වය දීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වන බවයි.
බෙන් ඩක්ටඩ් ඉවත්වීමත් සමඟ දිල්ලි කැපිටල්ස් සංචිතයේ සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඔහුගේ ස්ථානය ලැබෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පැතුම් නිස්සංක මෙම වාර්ෂික තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තාවල සඳහන් වෙයි.