බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයදී - හේතුව මෙන්න
ලෝක ප්‍රකට ජාත්‍යන්තර පුවත් ආයතනයක් වන බීබීසී ආයතනය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව ඔහුගෙන් සමාව අයැද ඇත.
එසේ වුවත් බීබීසී ආයතනය ට්‍රම්ප්ගේ වන්දි ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව එම ආයතනය දැක්වූයේ 'Panorama' නම් වැඩසටහනේදී ට්‍රම්ප්ගේ කතාවට සිදුකළ සංස්කරණය නිසා ජනාධිපති ට්‍රම්ප් ‘ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා සෘජු ලෙස ඉල්ලා සිටියා’ යන වැරදි හැඟීමක් ඇති වූ බවයි.
ඒ 2021 ජනවාරි 6 වැනි දින ජනාධිපති ට්‍රම්ප් කළ කතාවේ කොටස් කිහිපයක් එකට සම්බන්ධ කිරීම හේතුවෙන්. එබැවින් බීබීසී ආයතනය මෙම සංස්කරණයෙන් නොදැනුවත්වම, කතාවේ විවිධ ස්ථානවලින් උපුටා ගත් කොටස් වෙනුවට, අඛණ්ඩව කරන ලද තනි ප්‍රකාශයක් පෙන්වන බවට වැරදි හැඟීමක් ඇති කළ බව පිළිගනියි.
එහෙත් සත්‍ය වශයෙන්ම, ට්‍රම්ප්ගේ කතාවේ මුලින්ම සඳහන් වූයේ: "අපි කැපිටල් ගොඩනැගිල්ල වෙත ඇවිදගෙන යන්නෙමු, අපේ නිර්භීත සෙනෙට් සභිකයින්ට සහ කොන්ග්‍රස් සාමාජිකාවන්ට අපි ප්‍රශංසා කරන්නෙමු" යනුවෙන්.
එසේ වුවත් ඊට මිනිත්තු 50කට වඩා වැඩි කාලයකට පසු, ඔහු මෙසේ පැවසුවා, "සහ අපි සටන් කරනවා. අපි මරණය තෙක් සටන් කරනවා". එසේ වුවත් 'Panorama' වැඩසටහනේදී එම ක්ලිපය පෙන්වා තිබුණේ, "අපි කැපිටල් ගොඩනැගිල්ල වෙත ඇවිදගෙන යන්නෙමු... මම ඔබ සමඟ එහි සිටිමි. අපි සටන් කරනවා. අපි මරණය තෙක් සටන් කරනවා". යනුවෙන්.
එනිසා ට්‍රම්ප් විසින් ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහුගේ කතාව කොටස් කර ඇති බවත් ඉදිරිපත් කළ ආකාරය මගින් නරඹන්නන් නොමඟ යවා ඇති බවත් සඳහන් කළා.
ඒ අනුව ට්‍රම්ප්ගේ නීතිඥයන් ඉල්ලා ඇත්තේ වාර්තා වැඩසටහන සම්පූර්ණයෙන් සහ සාධාරණව ඉල්ලා අස්කර ගැනීම, සමාව අයැදීම සහ සිදු වූ හානියට ජනාධිපති ට්‍රම්ප්ට සුදුසු පරිදි වන්දි ගෙවන ලෙසයි.
එමෙන්ම ට්‍රම්ප්ගේ නීතිඥයන් තවදුරටත් මෙම ඉල්ලීම් ඉටු නොකළහොත්, ඩොලර් බිලියන 1ක් (පවුම් මිලියන 759ක්) වන්දියක් ඉල්ලා බීබීසී ආයතනයට නඩු පවරන බව දන්වා ඇත.
කෙසේ වෙතත් බීබීසී ආයතනය කියා සිටියේ වීඩියෝ ක්ලිපය සංස්කරණය කළ ආකාරය සම්බන්ධයෙන් අවංකව කණගාටු වන බවයි. එහෙත් අපහාස නඩුවකට පදනමක් ඇතැයි යන මතයට දැඩි ලෙස එකඟ නොවන බව ඔවුහු ජනාධිපති ට්‍රම්ප්ගේ නීති කණ්ඩායමට දැනුම් දී ඇත.
එසේම බීබීසී ආයතනය මෙම 2024 වැඩසටහන නැවත පෙන්වීමක් නොකරන බවට තීරණය කර ඇති බව වාර්තා වේ.
අඳාළ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස, බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් යන දෙදෙනා ඉල්ලා අස්වී ඇත.