නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්

Report

නේපාලයේ ගෝර්කා ප්‍රදේශයේ හටගෙන ඇති ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින අයහපත් තත්ත්වය හමුවේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

ලංකාවේ ගර්භණී මව්වරුන් අවදානමක - භයානක රෝගයක් වේගයෙන් පැතිරෙයි

අදාළ ප්‍රදේශයේ පවතින නවතම තොරතුරු ශ්‍රී ලාංකිකයන් වෙත නිරන්තරයෙන් ලබාදීමටත්, එම ආපදා සහිත ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස අවවාදාත්මක දැනුම්දීම් නිකුත් කිරීමටත් තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

අද (11) අලුයම ගෝර්කා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට යළි එල්ල වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති අතර, මහාමාර්ග, නිවාස සහ පාලම් රැසකට දැඩි හානි සිදුව ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් - සෞදි රාජ්‍ය දැඩි අවදානමක

පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් - සෞදි රාජ්‍ය දැඩි අවදානමක