රටම බියෙන් - බෙංගාල බොක්ක කැළඹෙයි - අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන ලකුණු
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි, අද(24) දින ප.ව. 04.30 ට තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහායි.
ක්රියාත්මක වන්න යනුවෙන් දන්වා ඇති අඳාළ නිවේදනයේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) දින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දන්වා ඇත.
ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්ය අංශයෙන් දැනුම්දීමක්
එසේම එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට බටහිර මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්.
එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දී ඇත. එමෙන්ම අද (24) දින දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පහතින් දක්වා ඇත.
එබැවින් ධීවර සහ නාවුක ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමෙන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
රටම ඇවිලුණු සිවුරේ ප්රශ්නේ විසඳයි - මීට පසු අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය මෙන්න - නව ගැසට් නිවේදනය නිකුත් කරයි