විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න එපා - BASL එකෙන් ජනාධිපතිවරයාට දැඩි අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට නොගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය මේ බව අවධාරණය කර ඇති අතර, අදාළ වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ද පළ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා පිළිබඳව එම සංගමය සිය විරෝධය පළ කරයි.

"රාජ්‍ය සේවය විතරක් නෙවෙයි දේශපාලනයත් කඩන් වැටුණා" - ලාල් කාන්ත

"රාජ්‍ය සේවය විතරක් නෙවෙයි දේශපාලනයත් කඩන් වැටුණා" - ලාල් කාන්ත

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වූ දා සිට අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස ස්ථාවරව පවතින බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එම ප්‍රතිපාදන අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවද එහි ස්ථාවරයයි. එවැනි සංශෝධනයක් සිදු කිරීම අධිකරණ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බවත්, මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් නීතිඥ සංගමය තර්ක කරයි. විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම පමණක් අරමුණු කරගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිටුපස ඇති චේතනාවන් පිළිබඳව මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

2020 වසරේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ අධිකරණ දෙකෙහිම විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාව වැඩි කර ඇති බවද නීතිඥ සංගමය පෙන්වා දී ඇත. ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් ඉහළ නංවා තිබේ. එම නිසා සේවා අවශ්‍යතා මත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සාධාරණ හේතුවක් නොමැති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ස්ථාවරය වේ.

IMF වෙතින් ආපු ඩොලර් මිලියන 695ක මුදල භාණ්ඩාගාරයට බැර වෙයි

IMF වෙතින් ආපු ඩොලර් මිලියන 695ක මුදල භාණ්ඩාගාරයට බැර වෙයි

අධිකරණ විශ්‍රාම වයස සම්බන්ධ ඕනෑම වෙනසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් පමණක් සිදු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති. එසේම ඉතිහාසයේ විවිධ රජයන් දේශපාලන අවශ්‍යතා මත ව්‍යවස්ථා සංශෝධන සිදු කර ඇති බවද සංගමය සිහිපත් කරයි. වත්මන් යෝජනාව අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස අර්ථකථනය විය හැකි බවද, එය මහජන විශ්වාසයට හානිදායක බවද නීතිඥ සංගමය පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මූලික කුළුණක් බවත්, එය සැබවින්ම ස්වාධීන ලෙස පෙනී සිටිය යුතු බවත් සංගමය අවධාරණය කරයි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත සංශෝධනය ඉදිරියට නොගෙන සිටින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මෙම ලිපියට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් අත්සන් තබා ඇත.

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්