බංගාලි ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව එක්ක තරඟට බෑ කියයි

Report

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති බව Cricinfo වෙබ් අඩවිය සඳහන් කරයි.

දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය මත, බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

T20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ බංග්ලාදේශ තරඟ සැක සහිතයි

T20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ බංග්ලාදේශ තරඟ සැක සහිතයි

ඒ අනුව, මෙම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක් කර ඇති බවද සඳහන් වේ. ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ඇති සම සත්කාරක ක්‍රමය යටතේ, ලබන මාසයේ ආරම්භවන එම තරගාවලියේදී බංග්ලාදේශය කොල්කටාහිදී ක්‍රීඩා කිරීමට නියමිත තරග 3 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයෙන් දැඩි තීරණය - බංග්ලාදේශ සුපිරි තරුව IPL වලින් ඉවතට

ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයෙන් දැඩි තීරණය - බංග්ලාදේශ සුපිරි තරුව IPL වලින් ඉවතට

ඉදිරියේ පැවැත්වෙන IPL තරගාවලියේදී කොල්කටා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම එම කණ්ඩායමෙන් නිදහස් කරන ලද්දේ, දෙරට අතර නොසන්සුන්තාව හා ආරක්ෂාකාරී භාවය සලකා බැලීම නිසා බව වාර්තා වේ.

මුස්තාෆිසුර් රහ්මාන්, බංග්ලාදේශයේ සුළු ජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දැක්වීමක් ලෙස මෙම පියවර ගත් බවද වාර්තා වේ.