බදු ගෙවන ඔබට විශේෂ දැනුම්දීමක් - මේ සතියේ දිවයින පුරා ක්‍රියාත්මකයි
රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන “බදු ශක්ති 2026” ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින්, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
“බදු ශක්ති 2026” වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන ජාතික වැඩසටහනක් වන අතර, එහි සමාරම්භය සනිටුහන් කෙරෙන විශේෂ ජාතික බදු සතිය ඊයේ (06) සිට ජූලි මස 10 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
මීට සමගාමීව විශේෂ මාධ්‍ය සහ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර, අත් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු විවිධ ප්‍රචාරණ කටයුතු දීප ව්‍යාප්තව සිදු කරමින් බදු අනුකූලතාව වර්ධනය කිරීම වෙනුවෙන් මහජනතාව සෘජුවම දැනුවත් කිරීම ද මේ යටතේ සිදු කෙරේ.
මෙහිදී සමාරම්භක අවස්ථාව අමතමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “බදු ශක්ති 2026” යනු හුදෙක් බදු එකතු කිරිමේ ව්‍යාපාරයක් පමණක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරනු ලබන වැදගත් ජාතික වැඩසටහනක් බවයි.