හුරුලු වැව රක්ෂිතයේ ගින්නක් - තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රයෙන් පැතිරේ

Report

හබරණ පොලිස් වසමට අයත්, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි හුරුලු වැව රක්ෂිතයේ 'Eco Park' ප්‍රදේශයේ අද (23) දහවල් හදිසි ගින්නක් හටගෙන තිබේ.

තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව හබරණ පොලීසිය පවසයි.

ගින්න හටගෙන ඇති භූමි ප්‍රදේශයේ ස්භාවය හේතුවෙන් ගිනි නිවන හමුදාවට, යුද හමුදාවට හෝ ප්‍රදේශවාසීන්ට එම ස්ථානයට ළඟාවීමට දැඩි බාධා එල්ල වී ඇත.

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ඒ හේතුවෙන් ගගනගාමී මෙහෙයුම් ඔස්සේ ගින්න පාලනය කිරීම සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සහාය ලබා ගැනීමට කඩිනමින් පියවර ගෙන තිබේ.

වියළි කාලගුණය සහ අධික සුළඟ හේතුවෙන් ගින්න තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින අතර, රක්ෂිතයේ වනසතුන්ට සහ අගනා ශාක පද්ධතියට සිදු වන හානිය අවම කර ගැනීමට අදාළ අංශ එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

උඩ ගිය රත්තරන් බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රන්මිල

උඩ ගිය රත්තරන් බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රන්මිල