ගෑස් හිඟය අහම්බයක් නෙවෙයි.. විගණන වාර්තාවෙන් බරපතළ අනාවරණයක්

Report

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව දැනට පවතින සීමිත ගබඩා පහසුකම් හේතුවෙන් එකවර විශාල ප්‍රමාණයක ගෑස් මිලදී ගැනීමට හැකියාවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ අඩු මිලකට ගෑස් මිලදී ගැනීමේ වාසිය ලබා ගැනීමට සමාගමට නොහැකි වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව කෙරවලපිටිය ගබඩා සංකීර්ණය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 8,000ක් පමණ ගබඩා කිරීමට හැකි පහසුකම් පවතී. මාබිම ගබඩා සංකීර්ණය තුළ ගබඩා කළ හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 400ක් පමණි. ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් මිලදී ගනු ලබන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මාබිම ගබඩා සංකීර්ණය තුළ ගබඩා කරන අතර, එය කර්මාන්ත අංශයට නිදහස් කෙරේ.

එසේම සමාගම සතුව සීමිත බෝයා (buoy) පහසුකම් පැවතීම හේතුවෙන් අඩු මිලකට මහා පරිමාණයෙන් ගෑස් මිලදී ගැනීමේ හැකියාව ද සීමිත බව විගණනයෙන් හෙළි වී තිබේ.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

ගබඩා ධාරිතාව පුළුල් කිරීම සඳහා වූ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් විගණනයට දන්වා ඇත. වර්තමානයේ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශකවරුන් තෝරා ගැනීමට ටෙන්ඩර් ක්‍රියාවලියේ නිරත වෙමින් සිටින බවද සමාගම විගණනයට සඳහන් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්