රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..
මෙරට සහල් අර්බුදයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.
සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් “ස්වර්ණ නාඩු“සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමටද පසුගිය සතියේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබිණි.
කෙසේ නමුත්, ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ සහල් ආනයනය සඳහා තමන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කළහොත් සති දෙකකට අඩු කාලයක් තුළදී සහල් ආනයනය කිරීමට හැකි බවය.
සහල් ආනයනයට අවස්ථාව ලබාදුනහොත් මෙමස 15 වැනිදාට පෙර සහල් ආනයනය කිරීමට හැකියාවක් ඇත්දැයි රජය ආනයනකරුවන්ගෙන් විමසා ඇති අතර, එහිදී ආනයනකරුවන් පවසා ඇත්තේ තමන්ට අවස්ථාවක් ලබාදුනහොත් කඩිනමින් සහල් ආනයනය කරන බවය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02 වැනිදා) පැවැත්විණි.
ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට පෙන්වා දුන්නේය.
You may like this video