ජුලියන්ගෙන් නොබෙල් කමිටුවට පැමිණිල්ලක්

Report

  කිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ "ජුලියන් අසාන්ජ්" විසින් නොබෙල් කමිටුවට එරෙහි ව ස්වීඩන බලධාරීන් හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

  එලෙස පැමිණිළි කර තිබෙනුයේ 2025 නොබෙල් සාම ත්‍යාගය, වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකා "මරියා මචාඩෝ" ට ලබාදීමට එරෙහිව වේ .

ඒ අනුව ඇයට හිමිවීමට නියමිත ඩොලර් මිලියනයක මූල්‍ය ත්‍යාගය ලබාදීම අත්හිටුවන ලෙස අදාළ පැමිණිල්ලේ දැක්වෙයි.

තවද ජුලියන් අසාන්ජ් පෙන්වා දෙනු ලබන්නේ වෙනිසුවෙලාවට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කර ඇති මෙහෙයුම සදහා විපක්ෂ නායිකා "මරියා මචාඩෝ" ප්‍රසිද්ධියේම සහයෝගය පළ කර තිබෙන බවයි .

ඒ වගේම මීට වසර 120කට පමණ පෙර නොබෙල් කමිටුව ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයා වනුයේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ය .

ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතාගේ ප්‍රකාශ උපුටා දක්වමින් ජුලියන් අසාන්ජ් ප්‍රකාශ කර තිබෙනුයේ සාම ත්‍යාගය ප්‍රදානය කළ යුත්තේ "ජාතීන් අතර සහෝදරත්වය ඇතිකිරීමට කැපවූ සහ මිනිස් වර්ගයාට ප්‍රතිලාභ අත්කරදුන් පුද්ගලයින්"ට පමණක් බවයි.

තවද ජුලියන් අසාන්ජ් පෙන්වා දෙන්නේ වෙනිසුවෙලානු විපක්ෂ නායිකාව ප්‍රසිද්ධියේම ඇගේ රටට එරෙහි අමෙරිකාවේ මිලිටරි ක්‍රියාමර්ග අනුමත කිරීම නොබෙල් කමිටුවේ ප්‍රතිපත්ති සහ මූලධර්ම වලට එරෙහිවන බවයි.

ඒ වගේම පසුගියදා ස්වීඩනයේ ඔස්ලෝ නුවරදී "මරියා මචාඩෝ" වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිළිගත්තේ ඇගේ දියණිය වේ.

තවද නායිකා මරියා මචාඩෝ විපක්ෂ නායිකා වෙනිසුවෙලානු රජය තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව පවසමින් මාස ගණනක් සැඟව සිට තිබේ.

නත්තලට කළින් සෑම හමුදා සොල්දාදුවෙකුටම ට්‍රම්ප්ගෙන් තෑග්ගක්

නත්තලට කළින් සෑම හමුදා සොල්දාදුවෙකුටම ට්‍රම්ප්ගෙන් තෑග්ගක්

ඒ වගේම නොබෙල් සාම ත්‍යාග ප්‍රධාන උත්සවයට පැය කිහිපයකට පසු ඇයත් බෝට්ටුවක සැඟවී වෙනිසුවෙලාවේ සිට ඔස්ලෝ නුවරට පැමිණ තිබුණි.

ඇයට එරෙහිව පැමිණිලි කර ඇති ජුලියන් අසාන්ජ් අමෙරිකානු ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට සහ හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත බ්‍රිතාන්‍යයේ වසර පහක් පමණ සිරගතව සිට ඇත .

ඔහුට පසුගිය වසරේ ජූනි මාසයේදී නිදහස් වී නැවත ඕස්ට්‍රේලියාව බලා යාමට හැකියාව අවස්තාව හිමිවිය.

දිට්වා හින්දා අසරණ වෙච්ච අපිට උදව් කරාට ස්තූතියි - ජීවන් ඉන්දීය මහ කොමසාරිස්ට කියයි

දිට්වා හින්දා අසරණ වෙච්ච අපිට උදව් කරාට ස්තූතියි - ජීවන් ඉන්දීය මහ කොමසාරිස්ට කියයි