හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද අලුයම (17) තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කර තිබේ.
ඒ වගේම මෝටර් රථයේ රියැදුරු වන සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
පොලිසිය සදහන් කළේ කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව තිබෙන බවයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරින් තුවාල ලද මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් පදවන ලද මෝටර් රථය බණ්ඩාරවත්ත දෙස සිට මාර්ගයේ දකුණුපස අයිනේ නවතා නිවසට හැරවීම සඳහා තිබියදී කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ගමන් කළ ප්රෝටෝන් වර්ගයේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුර වී තිබෙන බවයි.
එම අනතුර සම්බන්ධයෙන් බියගම කොළඹ පාර ලිපිනයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මහතාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරී යෙදී සිට කොස්තාපල් වරයකු විසින් කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කර තිබේ.
සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, ඒ ඒ කේ එම් විජේසිංහගේ උපදෙස් මත වැඩ බලන රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.